පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබුවා.
Update : විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
2025 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
දෙවන වර කියවීම පෙබරවාරි 17 වනදා සිදුකරන අතර පෙබරවාරි 18 වනදා සිට 25 වනදා දක්වා දින 7ක කාලයක් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
අනතුරුව පෙබරවාරි 25 වනදා පස්වරු 6ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි.
පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ප්රශ්න කිහිපයකට ද ආණ්ඩු පක්ෂයෙන් පිළිතුරු ලබාදුන්නා.
Update : පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
Update : විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දෙවන වර කියවීම පෙබරවාරි 17 වනදා සිදු කරන අතර පෙබරවාරි 18 වනදා සිට 25 වනදා දක්වා දින 7ක කාලයක් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
අනතුරුව පෙබරවාරි 25 වනදා පස්වරු 6 ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරෙනවා.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 වනදා සිට මාර්තු 21 වනදා දක්වා දින 19ක් පැවැත්වෙන අතර මාර්තු 21 වනදා පස්වරු 6ට තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි.